A
A/L Vault
@AL_Vault · channel · indexed since 2026-10-02
2 105subscribers
112posts in the index
A/L Vault
📊 Quiz
තිරසට θ කෝණයකින් u ආරම්භක ප්රවේගයෙන් විදින ලද ප්රක්ෂිප්තයක් ළඟා වන උපරිම සිරස් උස (Hmax) සඳහා නිවැරදි ප්රකාශනය කුමක්ද?
- (u² sin²θ) / 2g
- (u² sin 2θ) / g
- (u sinθ) / g
- (u² cos²θ) / 2g
- u² / 2g
535 · 📊 Quiz
නියත තිරස් ප්රවේගයකින් ගමන් කරන දුම්රියක් තුළ සිටින මගියෙකු සිරස්ව ඉහළට බෝලයක් විසි කරයි. වායු ප්රතිරෝධය නොසලකා හැරිය හැකි විට බෝලය නැවත පතිත වන්නේ කොතැනටද?
- විසි කළ තැනැත්තාගේ අත මතටමය
- ඔහුට පිටුපසින් ඇති බිමට
- ඔහුට ඉදිරියෙන් ඇති බිමට
- දුම්රියේ චලිත දිශාවට අනුව පැත්තකට
673 · A
A
A/L Vault
📊 Quiz
පහත දක්වා ඇති භෞතික රාශි කාණ්ඩ අතුරෙන් දෛශික රාශි පමණක් අඩංගු කාණ්ඩය තෝරන්න.
- වේගය, විස්ථාපනය, ත්වරණය
- බලය, කාර්යය, ගම්යතාව
- ත්වරණය, ආවේගය, චුම්බක ස්රාව ඝනත්වය
- පීඩනය, ප්රවේගය, බර
- ස්කන්ධය, බර, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්ර තීව්රතාව
283 · 📊 Quiz
වස්තුවක් සිරස සමඟ θ කෝණයක් සාදන F බලයකින් අදිනු ලබයි. මෙම බලයේ තිරස් සංරචකයේ විශාලත්වය වන්නේ,
- F cos θ
- F sin θ
- F tan θ
- F
- F sec θ
230 · 📊 Quiz
විශාලත්වයන් 15 N සහ 8 N වන ඒකතල බල දෙකක සම්ප්රයුක්තයේ විශාලත්වය විය නොහැක්කේ පහත සඳහන් කවර අගයද?
- (1) 23 N
- (2) 15 N
- (3) 8 N
- (4) 7 N
- (5) 5 N
174 · 📊 Quiz
පහත දැක්වෙන කවර බල කුලකයට ශුන්ය සම්ප්රයුක්තයක් ලබා දීමට කිසිසේත්ම නොහැකිද?
- (1) 3 N, 4 N, 5 N
- (2) 4 N, 4 N, 8 N
- (3) 6 N, 8 N, 10 N
- (4) 3 N, 6 N, 10 N
- (5) 5 N, 12 N, 13 N
149 · 📊 Quiz
විශාලත්වයන් 12 m සහ 5 m වූ විස්ථාපන දෙකක් එකතු කිරීමෙන් ලබාගත හැකි සම්ප්රයුක්ත විස්ථාපනයක් වන්නේ,
- (1) 5 m
- (2) 6 m
- (3) 10 m
- (4) 18 m
- (5) 20 m
143 · 📊 Quiz
නිශ්චල පොළොවට සාපේක්ෂව v වේගයෙන් සිරස්ව වැටෙන වැස්සකට මුහුණ දෙමින්, v වේගයෙන් තිරස් දිශාවට ගමන් කරන මිනිසෙකු වැස්සෙන් බේරීම සඳහා කුඩය සිරස සමඟ තබාගත යුතු කෝණය වනුයේ,
- (1) 30°
- (2) 45°
- (3) 60°
- (4) 90°
- (5) 0°
1 · 203 · 📊 Quiz
වේගය v වූ ජල පහරක් සහිත ගඟක් හරහා, ජලයට සාපේක්ෂව 2v වේගයෙන් යා හැකි බෝට්ටුවක් අවම දුරකින් එගොඩ වීමට ඉහළ උඩුගං දෙසට ගං ඉවුර සමඟ තැබිය යුතු කෝණය θ නම් cosθ හි අගය වනුයේ,
- (1) 1/2
- (2) √3/2
- (3) 1
- (4) 1/√2
- (5) 2
1 · 158 · 📊 Quiz
විශාලත්වයෙන් සමාන F වූ බල දෙකක් අතර කෝණය θ වේ. ඒවායේ සම්ප්රයුක්ත බලයේ විශාලත්වය ද F ම වීමට නම් θ හි අගය විය යුත්තේ,
- (1) 0°
- (2) 60°
- (3) 90°
- (4) 120°
- (5) 180°
201 · A
📊 Quiz
පහත දැක්වෙන භෞතික රාශි යුගල අතුරෙන් අදිශ රාශි පමණක් අඩංගු යුගලය වනුයේ,
- (1) වේගය සහ ත්වරණය
- (2) විස්ථාපනය සහ බලය
- (3) පීඩනය සහ කාර්යය
- (4) ගම්යතාව සහ ශක්තිය
- (5) ඝනත්වය සහ ප්රවේගය
216 · A/L Vault
📊 Quiz
තිරස් රළු පෘෂ්ඨයක් මත ඇති වස්තුවක් ලිස්සා යාමට ආසන්න වන විට සීමාකාරී ඝර්ෂණ සංගුණකය 0.4 කි. වස්තුව චලිතයට පත් වූ පසු එහි ගතික ඝර්ෂණ සංගුණකය (μd) විය හැක්කේ පහත කුමක්ද?
178 · 📊 Quiz
චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමුවැනි නියමයෙන් සෘජුවම පැහැදිලි කරනු ලබනුයේ,
- බලයේ විශාලත්වය මැනීම
- අවස්ථිතිය සහ බලයේ ගුණාත්මක අර්ථ දැක්වීම
- රේඛීය ගම්යතා සංස්ථිතිය
- ක්රියා ප්රතික්රියා බල යුග්මය
173 · 📊 Quiz
තිරස් රළු පෘෂ්ඨයක් මත ඇති ස්කන්ධය 2 kg වූ වස්තුවක සීමාකාරී ඝර්ෂණ බලය 10 N වේ. වස්තුව මත 6 N ක තිරස් බලයක් යෙදූ විට, පෘෂ්ඨය මගින් වස්තුව මත ඇති කරන ඝර්ෂණ බලය වනුයේ,
- 10 N වේ.
- 6 N වේ.
- 4 N වේ.
- 16 N වේ.
- ශුන්ය වේ.
183 · 📊 Quiz
මිනිසෙකු උසක සිට පොළොවට පතිත වන විට දණහිස් නැමීම සිදු කරයි. මෙසේ කිරීමෙන් සිදුවනුයේ,
- ගම්යතා වෙනස්වීම වැඩි වී බලය අඩු වීමයි.
- ගැටුම් කාලය වැඩි වී සිරුර මත ක්රියාකරන සාමාන්ය බලය අඩු වීමයි.
- ගම්යතා වෙනස්වීම අඩු වී බලය අඩු වීමයි.
- ගැටුම් කාලය අඩු වී සිරුර මත ක්රියාකරන සාමාන්ය බලය වැඩි වීමයි.
- ගුරුත්වාකර්ෂණ බලය ශුන්ය වීමයි.
139 · 📊 Quiz
සිනිඳු තිරස් මේසයක් මත ඇති ස්කන්ධය 3 kg (A) සහ 2 kg (B) වූ වස්තු දෙකක් සැහැල්ලු තන්තුවකින් සම්බන්ධ කර ඇත. B වස්තුව මත 15 N ක තිරස් බලයක් යොදා අදින විට තන්තුවේ ආතතිය වනුයේ,
- 3 N වේ.
- 6 N වේ.
- 9 N වේ.
- 10 N වේ.
- 15 N වේ.
137 · 📊 Quiz
ස්කන්ධය 4 kg වූ තුවක්කුවකින් 20 g ස්කන්ධයක් ඇති උණ්ඩයක් 400 m s⁻¹ ක තිරස් ප්රවේගයෙන් පිටවේ. තුවක්කුව පසුපසට තල්ලු වන ප්රවේගය වන්නේ,
- 1 m s⁻¹
- 2 m s⁻¹
- 4 m s⁻¹
- 8 m s⁻¹
- 20 m s⁻¹
138 · 📊 Quiz
ස්කන්ධය 0.5 kg වූ බෝලයක් 10 m s⁻¹ වේගයෙන් බිත්තියකට ලම්බව ගැටී 8 m s⁻¹ වේගයකින් ආපසු පැමිණේ නම්, බිත්තියෙන් බෝලය මත ඇති කළ ආවේගය වන්නේ,
- 1 N s
- 4 N s
- 5 N s
- 9 N s
- 18 N s
155 · 📊 Quiz
තිරස් මේසයක් මත නිශ්චලව ඇති පොතක් සලකන්න. නිව්ටන්ගේ 3 වන නියමයට අනුව, මේසය මගින් පොත මත යොදන අභිලම්බ ප්රතික්රියාවේ ප්රතික්රියා බලය වන්නේ,
- පොතේ ගුරුත්වජ බර
- පොත මගින් මේසය මත යොදන බලය
- පොත මගින් පෘථිවිය මත යොදන ආකර්ෂණ බලය
- මේසය මත පොළොවෙන් යෙදෙන බලය
- පොත මත වාතයෙන් යෙදෙන පීඩනය
203 · 📊 Quiz
ස්කන්ධය 2 kg වූ වස්තුවක් මත 5 N ක අසමතුලිත බලයක් ක්රියා කරන විට එහි ත්වරණය වන්නේ,
- 1.5 m s⁻²
- 2 m s⁻²
- 2.5 m s⁻²
- 5 m s⁻²
- 10 m s⁻²
253 · 📊 Quiz
ස්කන්ධය 3 kg සහ 2 kg වූ වස්තු දෙකක් අවිතන්ය තන්තුවකින් හා සිනිඳු කප්පියකින් ස්ථාපනය කර ඇත. පද්ධතියේ ත්වරණය වනුයේ (g = 10 m s⁻²),
- 1 m s⁻²
- 2 m s⁻²
- 3 m s⁻²
- 4 m s⁻²
- 5 m s⁻²
459 · 📊 Quiz
තිරස් රළු පෘෂ්ඨයක් මත ඇති ස්කන්ධය 5 kg වූ වස්තුවක් මත යොදන ලද සීමාකාරී ඝර්ෂණ බලය 20 N වේ නම්, පෘෂ්ඨයේ ඝර්ෂණ සංගුණකය (μ) වනුයේ (g = 10 m s⁻²),
505 · A
An open public feed from the search index
ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled.
Times are UTC.
Public content only, official Telegram API.
About ·
FAQ ·
Index limits ·
Remove a page ·
Catalog ·
Search ·
How we count