🤐තැනක් නොතැනක් නැතිව ඔබව අපහසුතාවයට පත් කරන
ඕනෑම අයෙකුට දෙන්න පුළුවන් දරුණුම අඳුරු මනෝවිද්‍යාත්මක දඬුවම
ඔබේ ජීවිතයේත් ඇති තැනක් නොතැනක් නැතිව ඔබව අපහසුතාවයට පත් කරන අය. හැමෝම ඉස්සරහා ඔබව පහත් කරන, ඔබේ හිත රිදවන, ඔබව Control කරන්න හදන චරිත. ඔවුන්ට ප්‍රතිප්‍රහාර දෙන්න ඔබ මීට කලින් කෑගහලා ඇති, රණ්ඩු වෙලා ඇති, නැත්නම් හිතින් විඳවලා ඇති...
හැබැයි ඔබ දන්නවාද..? ලෝකයේ දරුණුම සහ ප්‍රබලම මනෝවිද්‍යාත්මක දඬුවම තියෙන්නේ ඔබේ නිහඬතාවය ඇතුළේ කියලා..? අද අපි කතා කරමු The Silent Treatment නැත්නම් ගණන් නොගෙන සිටීමේ කලාව ගැන..
🎭 හිතන්න ඔන්න ඔයා ඔෆිස් එකේ හරි, යාළුවෝ පිරිසක් මැද හරි ඉන්නවා.. එක්කෙනෙක් හැමෝම ඉස්සරහා ඔයාට ලැජ්ජා හිතෙන විහිළුවක් කරනවා. එයා බලන් ඉන්නේ ඔයා තරහා වෙයි කියලා, නැත්නම් ඔයා මොනවා හරි කියලා රණ්ඩු වෙයි කියලා. එයාට ඕන ඔයාව React කරවන්න.
ඔබ එතැනදී කෑගැහුවොත්, ඔහු දිනුම්.. මොකද ඔහුට ඕන වුණේ ඔබේ අවධානය ලබාගන්නයි..
හැබැයි, ඔබ කිසිම හැඟීමක් නැතිව එයා දෙස එක පාරක් බලලා, කිසිම දෙයක් වුණේ නැති ගාණට ඔබේ වැඩේ කරගෙන ගියොත්..? එතැනදී තමයි ඔහු පරාජය වෙන්නේ... අන්න ඒකයි මේ Silent Treatment එකේ බලය.
🤔 මනෝවිද්‍යාවේදී මේක හඳුන්වන්නේ Social Exclusion හරි Ostracism හරි විදිහට. සරලවම කිව්වොත්, පුද්ගලයෙක් ඉන්නවා කියලා දැන දැනත් ඔහු නොමැති ගාණට සැලකීම.
මිනිසා කියන්නේ සමාජීය සත්වයෙක්. අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ අනිත් අයගේ අවධානය සහ පිළිගැනීම බලාපොරොත්තුවෙන් කවුරු හරි අපිට බනිනවා කියන්නේ, ඔහු අපිට වටිනාකමක් දෙනවා කියන එකයි. ඒත් කවුරු හරි අපිව Ignore කරනවා නම්, අපේ මොළය ඒක අර්ථකථනය කරගන්නේ මාරාන්තික වේදනාවක් විදිහට..
විද්‍යාත්මකව බැලුවොත්
ඔබව කෙනෙක් හිතාමතාම මඟහරින විට, ඔබේ මොළයේ ශාරීරික වේදනාව හඳුනා ගන්නා ප්‍රදේශය උත්තේජනය වෙනවා. ඒ කියන්නේ, කෙනෙක් ඔබට ගහනවාට වඩා, ඔහු ඔබව ගණන් නොගෙන සිටීමෙන් මොළයට දැනෙන වේදනාව වැඩියි.
⚡ මේක දඬුවමක් වෙන්නේ කොහොමද?
ඔබව අපහසුතාවයට පත් කරන පුද්ගලයාගේ මූලිකම ඉලක්කය ඔබව පාලනය කිරීමයි.. ඔහු ඔබව මානසිකව වට්ටන්න උත්සාහ කරනවා.. මෙන්න මේ වෙලාවට ඔබ ඔබේ නිහඬතාවය පාවිච්චි කරන එකෙන් වෙන්නේ මේ දේවල් ටිකයි
ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබෙන විට, ඔහුට තමා ගැනම සැකයක් ඇති වෙනවා. "ඇයි එයාට මාව ගාණක්වත් නැත්තේ?" කියන ප්‍රශ්නය ඔහුට වද දෙන්න පටන් ගන්නවා.
ඕනෑම …
Read in full →