𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
අදට වසර 25 සපිරෙන 9/11 🛩‼️
2001 සැප්තැම්බර් 11 වනදා උදෑසන නිව්යෝර්ක් අහස සුපුරුදු පරිදි පැහැපත්ව තිබුණත්, ලෝක බලවතා වූ ඇමරිකාව සිය ඉතිහාසයේ දරුණුතම භීෂණයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටියේය.
මෙම ප්‍රහාරයේ මහ මොළකරු වූයේ කලිඩ් ෂෙයික් මොහොමඩ් ය. ගුවන් යානා පැහැරගෙන ගොස් ඇමරිකාවේ ප්‍රධාන මධ්‍යස්ථාන වෙත කඩා වැද්දවීමේ සැලසුම ඔහු 1996 දී ඔසාමා බින් ලාඩන්ට ඉදිරිපත් කළේය. බින් ලාඩන්ගේ අනුමැතිය සහ අල්-කයිඩා ත්‍රස්තවාදීන්ගේ මුල්‍ය ප්‍රතිපාදන මත, මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට 19 දෙනෙකුගෙන් යුත් කල්ලියක් තෝරා ගැනිණි. ඔවුන් සාමාන්‍ය සිසුන් ලෙස ඇමරිකාවට ඇතුළු වී, එරට ගුවන් නියමු පාසල් වලින් ම වාණිජ ගුවන්යානා පාලනය කිරීමට පුහුණු වූහ.
එදින උදෑසන ගුවන්යානා 4ක් සාමාන්‍ය මගීන් සමඟ අහසට නැඟුණු පසු, ආයුධ සන්නද්ධ වූ ත්‍රස්තවාදීන් එකවර එම යානාවල පාලනය සියතට ගත්හ.
8:46 am - පළමු ප්‍රහාරය: ඇමරිකන් එයාර්ලයින්ස් 11 දරන බෝයිං 767 යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණේ (North Tower) 93 සහ 99 වන මහල් අතර ගැටිණි.
9:03 am - දෙවන ප්‍රහාරය: ලෝකයම සජීවී ව TV ඔස්සේ උතුරු කුළුණ දෙස බලා සිටියදීම, යුනයිටඩ් එයාර්ලයින්ස් 175 යානය දකුණු කුළුණේ (South Tower) 77 සහ 85 වන මහල් විනිවිද යමින් ගැටිණි. මෙය අත්වැරැද්දක් නොව සංවිධානාත්මක ප්‍රහාරයක් බව තහවුරු වූයේ එම මොහොතේය.
9:37 am - පෙන්ටගන් ප්‍රහාරය: ඇමරිකන් එයාර්ලයින්ස් 77 යානය ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය වෙත කඩා වැදුණේ ආරක්ෂක වළලු සුණු විසුණු කරමිනි.
9:59 am - දකුණු කුළුණ කඩා වැටීම: අධික උෂ්ණත්වයට වානේ බාල්ක දියවී යාම නිසා දකුණු කුළුණ තත්පර 10ක් ඇතුළත බිමටම සමතලා විය.
10:03 am - 4 වන යානය: ඉතිරි වූ යුනයිටඩ් 93 යානයේ සිටි මගීන් ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ අභීත සටන නිසා ධවල මන්දිරය ඉලක්ක කරගත් එම යානය පෙන්සිල්වේනියාවේ ශැන්ක්ස්විල්හි හිස් පිටියකට කඩා වැටී විනාශ විය.
10:28 am - උතුරු කුළුණ කඩා වැටීම: පැයකුත් විනාඩි 42ක් දැවෙමින් තිබූ උතුරු කුළුණද සම්පූර්ණයෙන්ම කඩා වැටී මෑන්හැටන් නගරය අළු සහ දුමාරයෙන් වැසී ගියේය.
මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්, ගිනි නිවන භටයින් 343ක් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළුව 2,977 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ලොව බලවත්ම රේඩාර්, බුද්ධි තොරතුරු ජාල හා යෝධෝපකරණ වලින් සන්නද්ධව "අපේ අහසේ අපිට හොරෙන් කපුටෙකුටවත් පියාඹන්න බෑ" යැයි උ
8 · 4.7K ·