ඔයාගේ සාමාන්‍ය Photo එකක් 1985 Retro Photo එකක් වෙන්නේ කොහොමද?
මේ දවස්වල Social Media එකේ ගොඩක් දෙනෙක් තමන්ගේ සාමාන්‍ය photo එකක් upload කරලා ඒක 1980 ගණන්වල කැමරාවකින් ගත්ත photo එකක් වගේ හදාගන්නවා ඔයා දැකලා ඇති. Denim jacket එකක්, curly hairstyle එකක්, ලොකු කණ්නාඩි, අර පරණ ෆොටෝ වල තියෙන බොඳ වුණු පාට... මේවා දැක්කම ඇත්තටම 1985 දී ගත්ත photo එකක් වගේමයි. 😎
හැබැයි මෙතන තියෙන රසවත්ම ප්රශ්නය තමයි, “AI එක මේ photo එක ඇතුළෙන් ඇත්තටම ඉගෙනගන්නේ මොනවාද? ඒක ඇතුළේ වැඩ කරන්නේ කොහොමද?” කියන එක. මේක නිකන්ම ෆිල්ටර් එකක් නෙවෙයි. මේක තේරුම් ගන්න නම් අපි AI එකේ pixels වල ඉඳන් අලුත් image එකක් හැදෙන තැනට යන ගමන බලන්න ඕනේ. 🧠
🧠
මුලින්ම AI එකට Photo එකක් කියන්නේ Photo එකක් නෙවෙයි 🖼
අපිට මේක ලස්සන ෆොටෝ එකක් වුණාට, AI එකට මේක පේන්නේ ඉලක්කම් ගොඩක් විදියට විතරයි. ෆොටෝ එකේ තියෙන හැම පුංචි තිතක්ම (Pixel එකක්ම) රතු, කොළ සහ නිල් කියන වර්ණ තුනේ එකතුවකින් තමයි හැදෙන්නේ.
සාමාන්‍ය ෆොටෝ එකක් ගත්තොත්, ඒක ඇතුළේ මේ වගේ ඉලක්කම් මිලියන ගණනක් තියෙනවා. AI එකේ ගමන පටන් ගන්නේ අන්න ඒ දැවැන්ත ඉලක්කම් ගොඩෙන්. මුලින්ම AI එකට "මෙතන මනුස්සයෙක් ඉන්නවා" කියලා පේන්නේ නෑ.
එහෙනම් “මේක මනුස්සයෙක්” කියලා AI එක දන්නේ කොහොමද?
මෙතනදි තමයි Neural Network එළියට එන්නේ. මේ ඉලක්කම් ගොඩ එකපාරටම තේරුම් ගන්නවා වෙනුවට, AI එක ඒක පියවරෙන් පියවර (Layers හරහා) වෙනස් කරනවා.
මුල් පියවර වලදී edges අඳුරගන්නවා. ඊළඟට හැඩතල අඳුරගන්නවා. අන්තිම වෙනකොට, "මෙතන මුහුණක් තියෙනවා", "මෙතන කොණ්ඩයක් තියෙනවා" කියන එක AI එක තේරුම් ගන්නවා. මේ සංකීර්ණ තොරතුරු ඔක්කොම එකතු කරලා AI එක විශේෂ ඉලක්කම් ලැයිස්තුවක් හදනවා. තාක්ෂණිකව මේකට කියන්නේ Embedding එකක් කියලා. මේ Embedding එක ඇතුළේ ඔයාගේ මුහුණේ හැඩය, ඇස් වල පිහිටීම වගේ දේවල් ඉලක්කම් විදියට ගබඩා වෙලා තියෙනවා.
Transformer සහ "Attention" කියන මැජික් එක
ChatGPT වගේ දේවල් මේ තරම් දක්ෂ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි Transformer කියන තාක්ෂණය. මේකේ තියෙන ප්‍රධානම අදහස තමයි Attention (අවධානය යොමු කිරීම). සමීකරණ නැතුව මේක සරලව තේරුම් ගනිමු;
- ෆොටෝ එකක තියෙන කණ්නාඩිය, මුහුණට ගොඩක් සම්බන්ධයි.
- කොණ්ඩය, ඔළුවට සම්බන්ධයි.
- ජැකට් එක, ඇඟට සම්බන්ධයි.
Transformer එක කරන්නේ මේ එකිනෙකට තියෙන සම්බන්ධතාවය කොච්චර ප්‍රබල…
Read in full →