Echem Rev Notes 2026
Photo
බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං
ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං
දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි 🎉
දහසක් අත් ද මවමින් නොයෙකුත් සැත් ද දරමින්
ගිරිමේඛලා ඇතු පිටින් – එන මාරසේනා
දානාදි පාරමී බලෙන් – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්ය වේවා!
උතුම් සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ජයග්රහණය කලාවූ සත්යානුභාවයෙන් 🙏🙏
උසස් පෙළ විභාගයට 📝 මුහුණ දෙන ඔබහට තමන් බලාපොරොත්තු වන ඉහළම ප්රතිඵලය හිමිවන ලෙස , අධ්යාපන කටයුතු වල නිරත වන්නට ශක්තිය 💪 ධෛර්යය 🛡️ අභිප්රේරණය ලැබෙන, නිදුක් නිරෝගී සුව 🌿, කායික මානසික සුව සහනය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
10 · 7.9K ·